spot_img
spot_img

සෞඛ්‍ය සේවක නිල ඇඳුම් දීමනා ඉහළට

සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ඩල සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහළ දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අනුව හෙද කාර්ය මණ්ඩලයට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15,000 ක එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 කින් ඉහළ දමා තිබෙනවා .

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින්ද ,මැලේරියා සහ බරවා මර්දන සහායක ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී , කීට විද්‍යා සහකාර ,පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා රුපියල් 6700 කින්ද පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9300 දීමනාව රුපියල් 15000 දක්වා 5700 කින්ද වශයෙන් හා දැනට ගෙවන දීමනාව මෙන් දෙගුණයක් වනසේ මෙම සියලු තනතුරු සඳහා ලබන වසරට බලපාන පරිදි 2025.01.01 සිට නැවතත් මෙම නිල ඇඳුම් දීමනා ඉහල නංවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

මෙම සංශෝධිත දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.ජී.මහීපාල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙම වසර සඳහාවූ මෙම සංශෝධිත දීමනා මැයි මාසයේ සිටද ලබන වසර සඳහා වූ සංශෝධිත දීමනා එම වසරේ මාර්තු සිට ගෙවීමටද අනුමැතිය ලබාදී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...