spot_img
spot_img

දුම්රියටත් ඊ-ටිකට් ක්‍රමයක්

මේ වසර අවසානයට පෙර දුම්රිය ගමන් සඳහා “ඊ – ප්‍රවේශපත් ක්‍රමයක්” හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා ‘මව්බිම’ වෙත අදහස් පළ කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන 19ක වියදමින් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි.

කලක සිට ක්‍රියාත්මක නොවී තිබූ මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙසට ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව දුම්රිය සඳහා ඊ ප්‍රවේශපත්‍ර  ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කර ඇති බව සඳහන් වෙනවා.

එහි මූලික පියවරක් ලෙස ඉදිරි මාස 5 ඇතුළත දුම්රිය ප්‍රවේශපත් සඳහා ශ්‍රී අ කේතය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...