කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරු දහන්ව ඇතැයි, එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබෙනවා.
මේ අතර මරදාන පොලිසිය පැවසුවේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු ඊයේ (05) දිනයේ දී ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.
එසේ ම එම පැමිණිල්ලට අදාළව සිදු කරන වී මෂණ වලට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කිහිප දෙනෙක් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.




