spot_img
spot_img

ජංගම දුරකථන මිල වේගයෙන් පහළට

ඩොලරය අඩුවීම හේතුවෙන් ජංගම දුරකතනවල මිල ලක්ශ එකාහාමාරකින් (150,000) පමණ පහළ යන බව ජංගම දුරකතන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසනවා.

උත්සව සමයේ අඩු මිලට ජංගම දුරකතන මිලදී ගැනීමට හැකියාවක් පවතින බවද ඔහු මෙහිදී සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“උදාහරණයක් විදිහට අපිට ගන්න පුලුවන් මිල අධිකම ජංගම දුරකතනය වන iPhone 15 Pro Max එක කළින් පැවති මිල 515,000ක් විතර ගිය ෆෝන් එක වර්තමාන වෙළඳපොළේ 375000ක විතර මිලකට අපේ පාරිභෝගිකයින්ට ලබා ගන්න පුලුවන්. මේක ඇත්තටම මහඟු අවස්ථාවක්…

ඩොලරය වැඩි වීමට පෙර රුපියල් 2000ට 3000ට තිබ්බ ෆෝන් එක ඩොලරය වැඩි වීමත් සමඟ 10000 පැනලායන්න ගත්තා. දැන් 7000 බැස්සා. ජංගම දුරකතනය අත්‍යවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. ඩොලර් මිල අඩු වීමත් සමග අපි සංගමයක් විදිහට මිල පහල දැම්මා. අලුතින් ජංගම දුරකත්න සදහා වැට් එකක් දැම්මා. ජංගම දුරකතන ආනයනයේදී 18%ක් විතර වැට් එකක් වදිනවා. ඉතින් ඒ හින්දා තමයි මේ මට්ටමේ නැවතිලා දැන් තියෙන්නේ.ඒක නැත්නම් තව මිල අඩුවෙන්න තිබුනා මේ මිල අඩු වීම සමග අමතර උපාංග වල මිලත් අඩුවෙනවා. උත්සව සමයේ අඩු මුදලට ජංගම දුරකථනයක් ගන්න පුලුවන්. අලුත් වෙන උපකරණයක් වන ජංගම දුරකතන ගෙන්වීමේදී TRC කටයුතු නිසා අලුත් දේවල් ලංකාවට පැමිනීමේ පරක්කුවක් තියෙනවා අපි ඔවුන් සමග සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...