spot_img
spot_img

කමිඳු මෙන්ඩිස්ට ICCයෙන් සුපිරි තැනක්

මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  වෙබ් අඩවියේ මේ පිළිබඳව නිල වශයෙන් දැක්වෙනවා.

ඔහුට අමතරව අයර්ලන්ත ක්‍රීඩක මාක් ඇඩෙයා (Mark Adair) සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රි (Matt Henry) ද  මෙම නාමයෝජනා ඇතුළත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව අයර්ලන්තයේ ටෙස්ට් ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන්  මාර්ක් ඇඩෙයාර් ප්‍රථම වරට මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව තම කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේදී කඩුලු රැසක් දවා ගනිමින් දැක් වූ දක්ෂතා මූලික කරගමින් නවසීලන්තයේ මැට් හෙන්රි ඊට තේරී පත්ව තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් මෙම නිර්දේශයක් අතරට එක්ව ඇත්තේ පිතිකරණයේදී දැක් වූ දස්කම් හේතුවෙන්.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කැපීපෙනෙන දක්ෂතාවයන් දැක්වීමට සමත් වුණා.

එහිදී ඔහු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් රැස්කර ගත්තා.

එමෙන්ම. එසේම තරගයේ ජයග්‍රහණය කරා යන ගමනේදී පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 32කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ මෙන්ම තරගයේ වීරයා සම්මානය ද කමිඳු මෙන්ඩිස් හිමි කරගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...