spot_img
spot_img

රුපියල ගැන රනිල් කියයි

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව සෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන විට ආර්ථිකය ශක්තිමත් වී ඇති බවයි.

බස්නාහිර පළාත් උපාධිධාරී ගුරුවරුන් 2,320 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

“දැන් රුපියල 300ට ඇවිත් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ගන්න පියවරෙන් මම බලාපොරොත්තු වෙනවා ඩොලරයට රුපියල 280ක් කරගන්න. එතකොට අතට ලැබෙන සල්ලිවලට මුදල ශක්තිමත් වෙනවා. මේක කරගෙන යන්න ඕනේ. ආණ්ඩුවේ වැඩකරන්න මුදල් හොයා ගන්න ඕනේ. මේක අමාරු, දුෂ්කර මාර්ගයක යන්නේ. සම්පුර්ණයෙන්ම වැටුණ ආර්ථිකය අපි දියුණු කරගෙන යනවා. මේ කාලයේ දී පුළුවන් වුණා පඩි වැඩිකරන්න. දීමනා වැඩිකරන්න. අස්වැසුම තුන්ගුණයකින් වැඩි කරන්න. සිංහල අවුරුදු කාලයේ දී වීවලට හොඳ මිලක් ලබාදෙන්නත් අපි කටයුතු කළා. ආර්ථික නඟා සිටවන්න ඕන. මේ යන කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. එන වර්ෂය වෙද්දි ගුරුවරු බඳවා ගන්න අමාත්‍යාංශවලට මුදල් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...