spot_img
spot_img

අස්වැසුම දෙන්නේ දුප්පත්කමට ඔරොත්තු දෙන සමාජයක් හදන්න – ඇමති බන්දුල

සමෘද්ධිය සඳහා වෙන්කල මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව  ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බවයි.

මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පළ වුවත්, ආර්ථික වර්ධනය සෘණ 08ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බවද අමත්‍යවරයාද පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...