spot_img
spot_img

විමල් නිදොස්කොට නිදහස්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන විදෙස් ගතවීමට පැමිණි බව පවසමින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා තිබුණා.

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහෙස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා‍ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...