spot_img
spot_img

අනතුරට පත් නෞකාව ගැන තවත් අනාවරණයක්

අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති නෞකාව තුළ ටොන් 746ක බර විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ද ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව එම අනතුර සිදුවන විට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවතියා.

අඩි 984ක් දිගින් යුතු එම නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ට අනුව ඒ තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේදී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇතැයි සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14ක් ගංගාවට ඇදවැටී ඇති බවයි.

නෞකාව මත ඇති අනෙක් බහාලුම් 4,644 සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විමර්ශන සිදුකරමින් පවතිනවා.

පැටැප්ස්කෝ ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධව ගැටලු මතුව ඇති බවද වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...