spot_img
spot_img

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ, එළඹෙන මැයි මාසය වන විට ඒ අනුව එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවයි.

වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත්, අධ්‍යාපන විද්‍යාපීඨවලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත්, උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද ඔහු එහිදී පැවසුවා.

ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී ඇති බවත් ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මඟින් ඩිප්ලෝමා මට්ටමින් පුහුණු කර පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදන බව අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අපේක්ෂාව බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...