spot_img
spot_img

ඩොලර් හොයන පොල් කිරි

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6,739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2,971ක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණයවි තිබුණා.

පොල් කිරි අපනයනය ගත් කල, 2023 වර්ෂයේදී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4,366ක් අපනයනය කර රුපියල් මිලියන 2,401ක ආදායමක් උපයා තිබෙනවා.

අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක ඉහළ ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබෙන බව සඳහන්.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගිය බැවින් පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වුව ද පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...