කුඩා දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි.
ඔහු ප්‍රකාශ කළේ රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට ගැනීමද දැකිය හැකි බවයි.
මෙම රෝග ව්‍යාප්තිය බහුලව බස්නාහිර පළාතේ දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.




