spot_img
spot_img

පොහොට්ටුවේ වලි බේරන්නත් මණ්ඩලයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (27) පවසා සිටියා.

සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්වූ බවත් විනය මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් කාරියවසම් මහතා සඳහන් කර සිටියා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් සිදු කර තිබෙනවා.

එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කළ බව පැවසු කාරියවසම් මහතා පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බව සඳහන් කළා.

එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාට නැවතත් ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස විධායක කමිටුවේ දැඩි ඉල්ලීමක් තිබුණ ද එම තනතුර තරුණයෙක්ට දීම වඩාත් ඵලදායි යැයි පැවසීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ඒකමතිකව ජාතික සංවිධායක ධුරයට පත්කළ බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...