ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනා ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ද මෙම පිරිසට අයත්.




