spot_img
spot_img

එක් පුද්ගලයෙකුගේ මාසික වියදම මෙන්න

නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි අගය 16,524ක් ලෙස සටහන්වී තිබුණා.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන්.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන්වී තිබෙනවා.

අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය 16,268ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නිල දරිද්‍රතා රේඛාව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජාතික හා දිස්ත්‍රික් මට්ටම්වල මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...