spot_img
spot_img

පුද්ගලයෙකුගේ පෙණහැල්ලේ තිබී දතක් හමු වෙයි

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ තිබෙනවා.

මෙම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට ඇති අතර ඔහුගේ මිය යෑමෙන් පසුව සිදු කළ මරණ පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙනවා.

බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක ප්‍රකාශ කළේ බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමුවූ බවයි.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචි එස්. කරුණාරත්න නමැති අයෙක්.

මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් වාර්තා වුණා.

මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයේ දතක් ගැලවී ගොස් පෙණහැල්ලේ සිරවී ඇති බවට සැක කෙරෙන බව තවදුරටත් සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...