පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන මැයි මස 28 වැනිදා කැඳවන්නැයි අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.
ඒ, අභියාචනාධිකරණය හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම කරුණට අදාළව තවත් රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.
මෙම පෙත්සම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 28 වැනිදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළා.
සාමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඞ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ දේවගේ සූරාච් නිලංග යන අය පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් නියෝග නිකුත් කරන් ලෙසයි.
පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.




