ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27දා) පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිත විධායක සභා රැස්වීමේදී දේශපාලන වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
විධායක සභා රැස්වීමේදී විශේෂිත කරුණු වශයෙන් ඉදිරි මැතිවරණ හා එහි සංවිධාන කටයුතු පිළිබඳවත් පක්ෂයේ මැයි දින රැලිය සංවිධාන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කෙරෙනු ඇති.
එම ආරංචි මාර්ග සඳහන් කළේ එමෙන්ම විශේෂයෙන් පක්ෂයේ විනය කමිටුව ඇතුළු තවත් කමිටු කිහිපයක් පත්කර ගැනීමත්, පක්ෂයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සුදුස්සන් පත්කර ගැනීමත් සිදුවීමට නියමිත බවයි.
විධායක සභාව කැඳවීමට පෙර දැනට දින ගණනාවක සිට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ මන්ත්‍රිවරු, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් බහුජන සංවිධාන ආදිය පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ජා කර තිබෙනවා.




