උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මෙතෙක් සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද උපුල් රෝහණ මහතා තවදුරටත් සඳහන් කරනවා.
“මහජනතාව උත්සව සමය වෙනුවෙන් ආහාර මිල දී ගන්න එන අවස්ථාවලදී ඔවුන්ට ආහාර සකස් කර ගැනීමට ලබාදෙන අමුද්‍රව්‍ය ඒ වගේම උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර හා පලතුරු වර්ග වගේ දේවල් අපි ඉදිරියේ දී පරීක්ෂා කරනවා. අපි මේ වෙද්දි උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කළ ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් රස පරීක්ෂකවරුන්ට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා.”




