spot_img
spot_img

නිසාන් සමාගමෙන් අලුත් මාදිලි 30 ක මෝටර් රථ

ඉදිරි වසර තුන ඇතුළත නවතම මාදිලි 30 ක මෝටර් රථ හඳුන්වා දීමට නියමිත බව නිසාන් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ , පිරිවැය අඩු කිරීම මෙන්ම  සිය සමාගමේ ගෝලීය විකුණුම් මිලියනයකින් ඉහළ නැංවීම මෙමඟින් ඉලක්ක කර ගෙන ඇති බවයි.

ජපානයේ තුන්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලෙස සැලකෙන නිසාන් සමාගම, 2027 මාර්තු මාසය වන විට  වන විට 6%කට වඩා වැඩි ලාභ ආන්තිකයක් මෙන්ම 30 % ක කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ  ඉලක්ක කර ගනිමින් වැඩි මුදලක් ඉපැයීමට අරමුණු කර ගෙන තිබෙනවා.

නිසාන් සමාගම බැටරි බලයෙන් ක්‍රියාත්මක වන ‘ලීෆ්’ වාහන නිශ්පාදනයේ පුරෝගාමියෙකු වුවත් විදුලි වාහන නිශ්පාදනයේදී එම සමාගමේ වෙළඳපොළ අතික්‍රමණය කිරීමට එක්සත් ජනපදයේ ටෙස්ලා සමාගම මෙන්ම චීනයේ BYD සමාගම වැනි ප්‍රතිවාදීන් සමත්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...