අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් කර තිබෙනවා.
එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.
Comments




