ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නව වගකීමක් භාර දී තිබෙනවා.
ඒ වසර ගණනාවක් තිස්සේ විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමටයි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින විනය පරීක්ෂණ හේතුවෙන් විශ්‍රාමික නිලධාරීන් විශ්‍රාම වැටුප් සහ සේවයේ නිරත නිලධාරීන් උසස්වීම් අහිමිව පීඩාවට පත්ව සිටින බවද අනාවරණය වී තිබෙනවා.
එය සැලකිල්ලට ගෙන කඩිනමින් විනය පරීක්ෂණ අවසන් කර සාධාරණයක් ඉටුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.
විවිධ නිලධාරීන්ගේ පාලන කාලවලදී සුළු අතපසුවීම්වලට පවා නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම හේතුවෙන් උසස්වීම් හා විශ්‍රාම වැටුප් අහිමිව කලකිරීමට පත්වූ නිලධාරීන් දහස් ගණනක් සිටින බව ද හෙළිවී තිබෙනවා.
Comments




