Friday, June 5, 2026
spot_img
spot_img

නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්

අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු බවයි සඳහන් වන්නේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවා තිබුණා.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

මේ තුළින් අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවටත් අදාළ චෝදනා පත්‍රය මඟින් චෝදනා නඟා තිබුණා.

මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළ යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙවැනි ක්‍රියා
අනුමත කළ නොහැකි බවත් සඳහන් කළා.

ඒ අනුව චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරියට නීතිඥ වෘත්තියේ නිරත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...