අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.
ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වනවා.
පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මෙතෙක් වාර්තා වී නැහැ.
කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබූ නෞකාවක් බවයි වාර්තා වන්නේ.
Comments




