වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ සමත්ව තිබෙනවා.
ඒ භූතානය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්කරමින්.
FIFA සිවුකොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී මෙම තරගය පැවැති අතර, ශ්‍රී ලංකාව 2013 වසරෙන් පසුවයි භූතානයට එරෙහිව ජාත්‍යාන්තර පාපන්දු තරගයක් ජය ගනු ලැබුවේ.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් ෆසාල්ගේ සමු ගැනීමද සිදු වුණා.
Comments




