spot_img
spot_img

මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙකුට අධිචෝදනා

රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ ඔවුන් සිව්දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බවයි.

පසුගිය සිකුරාදා මොස්කව් අගනුවර රඟහලකට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණා.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් එරට අධිකරණයක් හමුවට පමුණුවා ඇති අතර මැයි මස 22වන දා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඔවුන්ගේ නඩු විභාග දිනය නියමවන දිනය අනුව රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ වනු ඇති.

එමෙන්ම විත්තිකරුවන් දෙදෙනෙකු මේ වන විට වරද පිළිගෙන ඇති බව ද අධිකරණය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...