spot_img
spot_img

ගැබ්ගෙල පිළිකා වළක්වන එන්නත්වල හිඟයක්

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බවයි.

මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇතැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවයි.

කෙසේ වෙතත්, ලබන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පැවසුවේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි. 

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...