ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කර තිබෙනවා.
ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සී.බී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරුන් අතර වෙනවා.




