spot_img
spot_img

මුදල් වංචා කළ නයිටා නිලධාරියකු රිමාන්ඩ්

නිපුණතා සංවර්ධනයට රජයේ අයවැයෙන් වාර්ෂිකව වෙන්කළ ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ දාසයකට අධික මුදලක් සිය පුද්ගලික බැංකු ගිණුමට බැර කර මුදල් වංචා කළ බවට පැවසෙන “නයිටා” ආයතනයේ වැටුප් අංශ නිලධාරිනිය ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (22) නියෝග කළා.

කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ නව නිපැයුම් වැටුප් අංශය නිලධාරීණි දොම්පේ ආචාරිගේ දිමුතු කාංචනා ඉන්ද්‍රසිරි නැමැති සැකකාරියක්.

නව නිපැයුම් ඒකකයේ වැටුප් අංශ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කරමින් තම පුද්ගලික ගිණුමට රුපියල් 1624136.44 මුදලක් බැරකර රජයේ මුදල් වංචා කිරීමට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණා.

රජයේ මුදල් සපරාධී සාවද්‍ය පරිහරණය සහ වංචා කිරීමට එරෙහිව කොළඹ වංචාව විමර්ශන අංශයේ ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයේ කරුණු දක්වා තිබෙනවා.

පොලිසියේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...