spot_img
spot_img

අමෙරිකාවේ ගුවන්ගමන් පිටත්වීමේ තහනම ඉවත් කෙරේ

අමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා අධිකාරිය (FAA) විසින් රටපුරා පනවා තිබූ ගුවන්ගමන් පිටත්වීමේ තහනම ඉවත්කර තිබේ.

ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානවල ඇතිවූ සන්නිවේදන දෝෂයක් හේතුවෙන් ගුවන්තොටුපළ රැසක දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව අමෙරිකාවේ සිදුවූ දීර්ඝතම ගුවන්ගමන් අත්හිටුවීම ලෙස මෙය සැලකේ.

FlightRadar24 දත්තවලට අනුව මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් ගුවන්ගමන් 4,700කට වඩා අවලංගු කර ඇති අතර, ගුවන්ගමන් 10,000ක් පමණ ප්‍රමාද වී ඇත.

එමෙන්ම අද දිනය සඳහා නියමිතව තිබූ ගුවන්ගමන් 700කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කිරීමටද සිදුව තිබේ.

පැය 4කට වඩා වැඩි කාලයක් පැවැති මෙම අත්හිටුවීමෙන් පසු, සියලුම ගුවන් සමාගම්වල ගුවන්ගමන් කාලසටහන් යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බව ගුවන්සේවා විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වෙතත් මෙම සන්නිවේදන බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මීට පෙර මෙවැනි රටපුර ගුවන් තහනමක් පනවන ලද්දේ 2023 ජනවාරි මාසයේදීය.

එවර පැය එකහමාරක (මිනිත්තු 90ක්) පමණ කාලයකට දේශීය ගුවන්ගමන් අත්හිටුවීමට ෆෙඩරල් ගුවන්සේවා අධිකාරියට සිදුවිය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...