spot_img
spot_img

අලි ගම්වලට එන්න කලින් AI තාක්ෂණයෙන් අනතුරු අඟවන ගල්ගමුවෙන් නව වැඩපිළිවෙළක්!

අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පවත්වා තිබේ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, ගල්ගමුව සහ ගිරිබාව ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙන්ම Huawei සමාගමේ නියෝජිතයින්ද එක්ව සිටියහ.

චීනයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ.

යෝජිත පද්ධතිය යටතේ වන අලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා භාවිත කිරීමට නියමිතය. ඒ ඔස්සේ වන අලින් ගම්මානවලට ඇතුළු වීමට පෙර ඔවුන් හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වන අලින්ගේ සංචරණ රටා, ගම්මානවලට ඇතුළුවන මාර්ග සහ කැමරා පද්ධති ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි යොදාගැනීමේ ප්‍රායෝගික හැකියාව සොයා බැලීම මෙම මූලික සාකච්ඡාවේ සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයේ අරමුණ වී ඇත.

මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ ජීවිතද සුරක්ෂිත කරමින් අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගැනීමේ මූලික පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ සැලකිය හැකිය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...