spot_img
spot_img

පාගමන ආවේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි – පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි

ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව සිදුකළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.

ඥානසාර හිමියන් ජාතිවාදයේ හෝ දේශපාලනයේ නිරත නොවන බවත්, නොමැති ආගම්වාදයක් සහ ජාතිවාදයක් පවතින බවට පෙන්වීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අනුනාහිමියෝ මේ බව පැවසුවේ අද (20) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඥානසාර හිමියන් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා සිදුකරන ක්‍රියාකාරකම් දේශපාලන ගමනක් ලෙස අර්ථකථනය කිරීම ප්‍රතික්ෂේප කරන බව පැවසූ උන්වහන්සේ, එම පිරිස එක්ව සිටින්නේ සිවුර සහ බුදු දහම වෙනුවෙන් බව අවධාරණය කළහ.

යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරුද්ධව අදහස් දැක්වීම ආණ්ඩුවට එරෙහිවීමක් ලෙස සැලකිය නොහැකි බවත්, භික්ෂූන් වහන්සේලාට තම මතවාද සාමකාමීව සහ තර්කානුකූලව ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ ආකාරය වැරදි බව සඳහන් කළ අනුනාහිමියෝ, එම ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට අනුව සිදුකළ යුතුව තිබූ බව ද පැවසූහ.

මෙම ගැටලුව විසඳන තෙක් අදාළ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...