ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළා.
එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තවදුරටත් රෝහලගතව ප්‍රතිකාර ලබන බවට කොටුව පොලීසිය කළ දැනුම්දීමට අනුවයි.
ඒ අනුව එම සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ අනුව, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුටගත් සැකකරුවන් 33 දෙනාගෙන් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ නයනා රංජනී නමැති කාන්තාවක් ඇතුළු පෙරට්ටුවට නියමිත සැකකරුවන් පස් දෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




