spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍ය රවී කරුණානායකට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැහැ.

මේ නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...