spot_img
spot_img

පෞද්ගලික බැංකුවේ බිලියන 13ක වංචාව : පාරිභෝගික ගිණුම්වලිනුත් මිලියන 314.5ක මුදලක් ඇදලා

පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල එම බංකුවේ තිබූ පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314.5 ක මුදලක් ප්‍රතිපූර්ණය වී ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස දැන්වූවා.
මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබන 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
සිද්ධියට අදාල පස්වන සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපට අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරී මෙලෙස පවසා සිටියා.
” ස්වාමීනි මෙම සිද්ධියට අදාල වංචාව වන්නේ බිලියන 13.5 ක මුදලක්. එම මුදලට එම පෞද්ගලික බැංකුවේ පාරිභෝගික ගිණුම් එකොළහකින් මිලියන 314.5 ක මුදලක් ප්‍රතිපූර්ණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. තවද මෙම සිද්ධියට අදාළව ගිණුම් 26 හි ගිණුම් 14 ක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන් නිලධාරීන්ගෙන් මෙලෙස විමසා සිටියා.
මහේස්ත්‍රාත්වරයා
” විමර්ශනය යන අතරතුරද මෙම පාරිභෝගික මුදල්වලින් මුදල් අඩුවෙලා තියෙන්නේ කවද්දේ සම්බන්ධයෙන් අනාවරණයය වුණේ. විමර්ශන නිලධාරීන්ගෙන්ද මේ බව හොයාගත්තේ නැත්නම් බැංකුවෙන් ලැබුණු විගණන වාර්තාහරහාද?
විමර්ශන නිලධාරීන්
” ස්වාමීනී අනාවරණය කරගත්තේ විමර්ශනය කරන අතරතුර මේ නඩු වාරයට පෙර. බැංකුවක් දැනුම්දුන්නා පොදු ලෙජරයේ ගිණුම් හුවමාරු වන බව. තවද ස්වාමීනී වෙනත් ගිණුම් වලින් මිලියන පහක් බැර වෙලා. තවද පාරිභෝගික ගිණුම්වලින් මුදල් බැර වෙලා නැවත එය එය ගිණුම්වලටම යොදලා තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රතිපූර්ණයක් කරලා තමයි තිබෙන්නේ.
මහේස්ත්‍රාත්වරයා
මෙලෙස පාරිභෝගික ගිණුම්වලින් මුදල් හුවමාරු වෙනකම් එම බැංකුවේ ඉහළ නිලධාරීන් දන්නේ නැද්ද? ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. තවද සැකකරුවන්ගේ තිබූ ගිණුම් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන්න. යනුවෙන් නියෝග කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් සාක්ෂ වලට බලපෑම් කිරීමට හැකි බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
තවද පාරිභෝගිකයන්ගේ ගිණුම් හරහා මුදල් ප්‍රතිපූර්ණය වීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පූර්ණ වාර්තාවක් අධිකරණයට නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...