spot_img
spot_img

Hela Clothing සහ Foundation Garments සේවක අයිතීන් සම්පූර්ණයෙන්ම සුරක්ෂිතයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

Hela Clothing (Pvt) Ltd සහ Foundation Garments (Pvt) Ltd ආයතනවල සේවය කළ සියලුම සේවකයින්, සමූහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් යටතේ Emerald Clothing (Pvt) Ltd වෙත සම්පූර්ණයෙන්ම අනුයුක්ත කර ඇති බැවින්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කර සිටී.

මෙම ක්‍රියාවලිය Hela Apparel Holdings PLC සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වයට පෙර සාර්ථකව අවසන් කර තිබූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෑතකාලීන මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ Hela Apparel Holdings PLC, Hela Clothing Ltd. සහ Foundation Garments Ltd. යන සමාගම් දිගුකාලීන ද්‍රවශීලතා අර්බුද හේතුවෙන්, අධිකරණ නියෝගයක් මත සමාගම් විසුරුවා හැරීම සඳහා වාණිජ මහාධිකරණය වෙත ඉල්ලීම් ගොනු කර ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ සේවකයින් Emerald Clothing (Pvt) Ltd වෙත මාරු කිරීම එම අධිකරණ ඉල්ලීම් ගොනු කිරීමට පෙර නිල වශයෙන් අවසාන කර තිබූ බැවින්, මෙම තත්ත්වය සේවකයින්ගේ ජීවනෝපාය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි.

Emerald Clothing (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් නිල තහවුරු කිරීමට අනුව, සමස්ත සේවකයින් 3,674 දෙනෙකු අදියර දෙකක් යටතේ අනුයුක්ත කර ඇත. විධායක නිලධාරීන් 251ක්, කාර්ය මණ්ඩල සාමාජිකයින් 393ක් සහ කණ්ඩායම් සාමාජිකයින් 3,030ක් මීට ඇතුළත් වේ.

පළමු අදියර යටතේ 2026 මැයි 1 දින පලාපත්වෙල, තිහාරිය කර්මාන්තශාලාවලින් සහ ප්‍රධාන කාර්යාලයෙන් සේවකයින් 2,504 දෙනෙකුද, දෙවන අදියර යටතේ 2026 ජූනි 1 දින නාඋල, උකුවෙල කර්මාන්තශාලාවලින් සහ ප්‍රධාන කාර්යාලයෙන් තවත් සේවකයින් 1,170 දෙනෙකුද මාරු කර ඇත.

මාරු කළ සියලුම සේවකයින්ගේ සේවා අඛණ්ඩතාව, සේවා කාලය සහ පවතින සේවා කොන්දේසි කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර, ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා සහ ආයෝජක සේවා දෙපාර්තමේන්තු මඟින් මෙම ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සුමට සංක්‍රාන්තියක් සහතික කිරීමට කටයුතු කරමින් සිටී.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...