spot_img
spot_img

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කර අගෝස්තු 9 වැනිදාට දින 101ක් ගත වී ඇති අතර, මේ වන විට එහි තිබී මිනිස් ඇටසැකිලි 515ක් ගොඩගෙන තිබේ.

චෙම්මනි සමූහ මිනී වළේ තෙවැනි අදියරේ කැණීම් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන අනුව, තවදුරටත් දින 56ක කාලයක් අඛණ්ඩව කැණීම් කිරීමට අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර, ඉන් ඉතිරිව ඇත්තේ දින 6ක කාලයක් පමණි.

මෙතෙක් හමුවී ඇති ඇටසැකිලි 515 ඉතා ආරක්ෂිතව යාපනය අධිකරණයේ නඩු බඩු ගබඩාවේ තැන්පත් කර ඇති අතර, ඒවා සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ සිදු කරමින් පවතී. කෙසේ වෙතත්, මෙම මිනිස් ඇටසැකිලි අයත් වන්නේ කාටද යන්න හෝ ඒවා මෙම ස්ථානයේ තැන්පත් කර ඇත්තේ කුමන කාලයකදීද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

spot_imgspot_img

Popular

More like this
Related

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...