spot_img
spot_img

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධව නව සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොළඹ සහ හෝ චි මිං නගරය අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

අදාළ පැකේජය හරහා දෙරටේ පවතින ආගමික සහ සංස්කෘතික සබඳතා මූලික කරගනිමින් ආගමික සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට සහ සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන වියට්ජෙට්, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සිය කුළුඳුල් ඍජු ගුවන් ගමන් සේවාව ඊයේ (18) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට එක්වූ ​විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා, වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණීම ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන්ගේ නව මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් ද පිරිනැමීය.

මෙම ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ වීම, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වියට්ජෙට් ගුවන් සේවය, සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

හෝ චි මිං නගරය, වියට්ජෙට්හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන බැවින්, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම, නැගෙනහිර ආසියාව, ගිනිකොනදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ තවත් බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් සඳහන්ය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...