හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ හා වංචාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට ද දඬුවම් ලැබෙන කාලය හෙවත් “Judgment Day” උදා වී ඇති බව වමේ කේන්ද්රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තවමත් රට පාලනය වන්නේ රාජපක්ෂවරුන් විසින් බව සිතා කටයුතු කරන පිරිස් ඒ පිළිබඳව යළි සිතා බැලිය යුතු බවයි. පවතින පාලනය වෙනස් වී ඇති බව අවධාරණය කළ චමීර පෙරේරා මහතා, කරන්නාගොඩ මහතාගෙන් පසුව මෙම නීතිමය ක්රියාමාර්ගවල ඊළඟ ඉලක්කය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බව ද ප්රකාශ කළේය.
රටේ නීතිය හා සාමය තහවුරු කිරීමේ ක්රියාවලිය ආරම්භ වී ඇති බවත්, මින් පෙර මෙන් නීතියේ රැහැනින් පැන යාමට කිසිවෙකුටත් ඉඩක් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




