spot_img
spot_img

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට තවත් 100කට අධික පිරිසක් රෝහලේ

මීගමුව බන්ධනාගාරය තුළ පෙරේදා (05) ආරම්භ වී අද (06) දක්වා පැවැති ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම ගැටුම්වලින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

පෙරේදා (05) දින ආරම්භ වූ නොසන්සුන්තාවය ඊයේ සවස් වන විට පාලනය කර තිබුණද, අද (06) උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් තත්ත්වය යළි උග්‍ර විය.

මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීම් සිදු කළ අතර, මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී පාලනය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී.

ඊයේ (05) දිනයේදී බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරත වූ රැඳවියන් පිරිසක් සිටි අතර, එහිදී සිවිලිම කඩා වැටීමෙන් ද පිරිසක් තුවාල ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක මහතා සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...