spot_img
spot_img

ලංකාවේ නව වැට් බදු නීතිය යටතේ ප්‍රධාන වෙනස්කම් රැසක් – මේ සේවාවන් වැට් බද්දෙන් නිදහස්

2026 අංක 14 දරන අගය එකතු කළ බදු (සංශෝධන) පනත කථානායකවරයා විසින් නිල ලෙස සහතික කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබෙන අතර, වාර්ෂික වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාව රුපියල් මිලියන 60ක් වශයෙන් රඳවා ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පනත ඉකුත් ජුනි 30 වන දින කථානායකවරයා විසින් සහතික කරන ලද අතර ඊයේ(3) දින ගැසට් කර තිබෙනවා.

මුල් වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ ප්‍රධාන වෙනස්කම්වලින් එකක් නම්, මුලින් යෝජනා කළ ආකාරයට පනත මඟින් අනිවාර්ය වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 36 දක්වා අඩු නොකිරීමයි.

ඒ වෙනුවට, සීමාව වසරකට රුපියල් මිලියන 60 ක් වශයෙන් පවතී.

ඒ අනුව නව නීතිය යටතේ, ප්‍රවාහ වේදිකා, වලාකුළු පරිගණක සේවා, මාර්ගගත වෙළඳ දැන්වීම් වේදිකා, යෙදුම් වෙළඳසැල්, මෘදුකාංග සපයන්නන් සහ ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට සේවා සපයන අනෙකුත් ඩිජිටල් ව්‍යාපාර වැනි විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් ඔවුන්ගේ සැපයුම් මාස 12 ක් තුළ රුපියල් මිලියන 60 ක් හෝ කාර්තුවක් තුළ රුපියල් මිලියන 15 ක් ඉක්මවන්නේ නම් වැට් බද්ද වෙනුවෙන් ලියාපදිංචි විය යුතු වේ.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වැට් – ලියාපදිංචි ව්‍යාපාරවලට සපයනු ලබන සේවාවන් (B2B ගනුදෙනු) වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

මෙම නිරීක්ෂණයන් නව නීතිය බලාත්මක කිරීමෙන් අනතුරුව KPMG බදු උපදේශකයින් විසින් කරන ලද විශ්ලේෂණයකදී ඉස්මතු කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...