spot_img
spot_img

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

2026 මැයි මාසයේදී 5.5%ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ජූනි මාසය වන විට 6.8%ක් දක්වා වැඩි වී තිබේ.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන වෙනස සිදුව ඇත්තේ ආහාර කාණ්ඩයේ වන අතර, මැයි මාසයේදී 0.9%ක් ලෙස ඉතා අඩු මට්ටමක පැවැති ආහාර උද්ධමනය ජූනි මාසයේදී 3.6% දක්වා තුන් ගුණයකට වඩා වැඩි වී ඇත.

එමෙන්ම මැයි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද ජූනි මාසය වන විට 8.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp හි ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත පරිශීලක නාම (Username) විශේෂාංගය...