ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්රෑම් (Instagram) හරහා ළමයින්ව දැඩි ලෙස ඇබ්බැහි කරවීම සහ එමඟින් ඔවුන් මුහුණ දෙන මානසික අවපීඩනය (Depression), කාංසාව (Anxiety) සහ ස්වයං හානි කරගැනීම් (Self-harm) වැනි බරපතළ හානි වසන් කිරීම සම්බන්ධයෙන් ‘මෙටා’ (Meta) සමාගමට එරෙහිව ඇමෙරිකාවේ ප්රාන්ත 29ක් එකතුවී ගොනු කළ දැවැන්ත නඩුව නිෂ්ප්රභ කරන ලෙස එම සමාගම කළ ඉල්ලීම ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරියක් විසින් ප්රතික්ෂේප කර තිබේ.
මෙය මෙටා සමාගම ලැබූ විශාල පසුබෑමක් වන අතර, දෙපාර්ශවයම ඉදිරිපත් කරන සාක්ෂිවල පවතින බරපතළ කරුණුමය ගැටලු විසඳිය හැක්කේ ජූරි සභාවක් (Jury) හමුවේ පවත්වන නඩු විභාගයකින් පමණක් බව විනිසුරුවරිය තීන්දු කර ඇත.
ඒ අනුව “දෙමාපියන් සහ බිග් ටෙක් (Big Tech) සමාගම්” අතර පවතින මෙම තීරණාත්මක නඩු විභාගය එළඹෙන අගෝස්තු 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.




