spot_img
spot_img

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්

මධ්‍යම තැන්පතු ක්‍රමවේද (CDS) ගිණුම්වල ආරක්ෂාව තහවුරු කිරීම සහ එම ගිණුම් හරහා සිදුවිය හැකි වංචා අවදානම් අවම කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමවේද සමාගම විසින් නව පියවරක් හඳුන්වා දී තිබේ.

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව අක්‍රියව පවතින ගිණුම් “ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්” (Non-Operative Client Accounts) ලෙස වර්ගීකරණය කෙරේ. අදාළ ගිණුම් හිමියා විසින් නැවත සක්‍රිය කරන තෙක් එම ගිණුම්වල ගනුදෙනු සහ අනෙකුත් කටයුතු සීමා කරනු ලැබේ. මෙම අත්හිටුවීමේ ක්‍රියාවලිය අදියර වශයෙන් සිදු කෙරේ.

මෙම තත්ත්වය තාවකාලික එකක් වන අතර, එමඟින් ගිණුම් හිමියාගේ සුරැකුම්පත් හිමිකාරීත්වයට බලපෑමක් සිදු නොවේ. එසේම, ලාභාංශ සහ අනෙකුත් ආයතනික හිමිකම් ලැබීමට ද කිසිදු බාධාවක් නොමැත.

ගිණුම් හිමියන්ට ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් ගිණුම නැවත සක්‍රිය කර ගැනීමේ පහසුකම පවතී. ඒ සඳහා කොළඹ කොටස් හුවමාරු (CSE) ජංගම දුරකථන යෙදවුමේ (Mobile App) ඇති ‘Non-Operative Reactivation’ විකල්පය හෝ CDS නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවර හරහා මධ්‍යම තැන්පතු ක්‍රමවේදයේ විනිවිදභාවය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...