2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අදාළ චක්‍රලේඛය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (25) නිකුත් කර තිබේ.
මෙම අංක 25/2026 දරන චක්‍රලේඛය මගින් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නීති රීති සහ මාර්ගෝපදේශ දක්වා ඇත.
උනන්දුවක් දක්වන දෙමාපියන්ට සහ පාර්ශවකරුවන්ට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.




