spot_img
spot_img

අඩුම මිලට ලාබ ගුවන් සේවයක් ලංකාවට

එළඹෙන දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට ප්‍රංශයේ ක්‍රියාත්මක ප්‍රකට පිරිවැය අඩු ගුවන් සමාගමක් වන ෆ්‍රෙන්ච් බී (French Bee) සේවාව තීරණය කර තිබේ.

දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර සිට මාලදිවයිනේ මාලේ නුවර හරහා කොළඹ දක්වා සතියකට වට සංචාර දෙකක් බැගින් මෙහෙයවීමට කටයුතු යොදා ඇත්තේ ශීත සෘතු සංචාරක සමය ඉලක්ක කරගනිමින්ය.

ඉන් අනතුරුව, 2027 වසරේ ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැරිස් සහ කොළඹ නගර අතර සෘජු ගුවන් සේවා සැපයීමට ද එම සමාගම සූදානමින් සිටියි.

මෙම සෘජු ගුවන් ගමන් මාලාව 2027 මැයි මාසය දක්වා අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබේ. මෙම සියලුම ගුවන් ගමන් වාර සඳහා Airbus A350 වර්ගයේ නවීන ගුවන් යානා භාවිත කිරීමට අදාළ ගුවන් සමාගම පියවර ගෙන ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...