spot_img
spot_img

ලොව සතුටුම රට

අඛණ්ඩව 07වන වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව මෙලෙස ෆින්ලන්තය අඛණ්ඩව 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇති බව සඳහන්.

ඩෙන්මාර්කය දෙවන ස්ථානයේත්, අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවන අතර අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.

වසර දහයකට පසු පළමු වරට අමෙරිකාව සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවන නමුත් කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වන බව ලෝක සතුටු වාර්තාව පෙන්වාදෙනවා.

රටවල් 143ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවීම විශේෂත්වයක්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...