spot_img
spot_img

වී මිල පහත හෙළීමට එරෙහිව තිරප්පනේ ගොවීන් පාරට බසීයි

වී මිල පහත හෙළීම වහා නවත්වන ලෙසත්, රජයේ වී ගබඩා වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (23) පෙරවරුවේ තිරප්පනේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

තිරප්පනේ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවයෙන් අනතුරුව, ගොවීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය හමුවී ලිඛිත සංදේශයක් භාර දුන්හ.

ප්‍රදේශයේ ගොවීන්ට බලපා ඇති වී අලෙවි කර ගැනීමේ ගැටලුව සහ රජයේ වී ගබඩාවක් නොමැතිකම නිසා තමන් මුහුණ දී ඇති අර්බුද පිළිබඳව මෙහිදී ඔවුන් දීර්ඝ ලෙස දැනුවත් කළහ.මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ, ගොවීන්ට වී අලෙවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වී අලෙවි මණ්ඩලය සමඟ සාකච්ඡා කර කඩිනමින් වී ගබඩාවක් විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවි ජාතික සමුළුවේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, අස්වනු නෙළන කාලසීමාවේදී තැරැව්කරුවන්ගේ ග්‍රහණයට හසු නොවී තම අස්වනු සඳහා සාධාරණ සහතික මිලක් සහ ගබඩා පහසුකම් ලබා දීමට රජය වහා මැදිහත් විය යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...