spot_img
spot_img

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍යවරියගෙන් කඩිනම් පියවර

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දුන්නේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසක් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.එම සාකච්ඡාවේදී ප්‍රාථමික පාසල් ඉදිකිරීම් සඳහා ප්‍රමිතියට අනුකූල පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසල්වල පරිපාලන ගැටලු සහ ගුරු මාරු සම්බන්ධ ගැටලු, පළාත් මට්ටමින් පාසල්වල සිදු කෙරෙන ඉදිකිරීම්වල ප්‍රගතිය මෙන්ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ අනාගත සැලසුම් පිළිබඳව පුළුල්ව අවධානය යොමු විය.

මෙම කරුණු සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසූ අග්‍රාමාත්‍යවරිය, පවතින බාධාවන් ඉවත් කරමින් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නාය. එසේම, මෙම උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරිණි.මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...