spot_img
spot_img

මහා පණ්ඩිතයෝ ටිකක් ඉන්න ආණ්ඩුවට රට කරන්න බැහැ

වත්මන් රජය කිසිදු ඉදිරි ගමනක් නොමැතිව එක තැන ලැග සිටීම හේතුවෙන් රට සම්පූර්ණයෙන්ම අනාථ වී විනාශ මුඛයට පත්ව ඇතැයි හර්ෂණ රාජකරුණ මහතා ප්‍රකාශ කළා.

වත්මන් පාලකයන්ට රට කරගෙන යාමට දක්ෂතාවක් හෝ හැකියාවක් නොමැති බව තමන් එදා ප්‍රකාශ කළ අදහස් අද වන විට සනාථ වී තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අඩු වන විට අනෙකුත් රටවල් එහි සහනය ජනතාවට ලබා දුන්න ද, වත්මන් රජය ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙරට මිල ගණන් වහාම ඉහළ දමමින්, මිල අඩු වන විට විවිධ බොරු හා වංචනික නිදහසට කරුණු කියමින් ජනතාවට සහන දීම පැහැර හරින බවට ඔහු චෝදනා කළේය.

ජනතාවට අද වන විට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින්, වහාම ක්‍රියාත්මක වී ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට රජය පියවර ගත යුතු බව රාජකරුණ මහතා අවධාරණය කළේය. වත්මන් රජයට රට කරගෙන යාමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේම ප්‍රශ්න පටලවාගෙන සිටීම නිසා බවත්, මොවුන් ජනතාව ගැන නොසිතන, තමන් ගැන පමණක් සිතන “උද්දච්ච” සහ “මහා පණ්ඩිත” ආකල්පවලින් යුත් ජනතා විරෝධී ආණ්ඩුවක් බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි ජන පීඩක පාලනයන් ඉතිහාසයේ ද පැවති බව සිහිපත් කළ හර්ෂණ රාජකරුණ මහතා, එවැනි පාලකයන්ට තමන් ගෙදර යන තෙක්ම තමන්ට සිදුවන දේ වටහා ගැනීමට නොහැකි වූ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...